මෙරට පවත්වාගෙන යන විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා හා මණ්ඩප නියාමනයට නව වැඩපිළිවෙළක්…

මෙරට පවත්වාගෙන යන විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා හා මණ්ඩප නියාමනයට නව වැඩපිළිවෙළක් සැකසීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, එම ආයතනවල උපාධි පඨාමාලා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා එම තීරණය ගත් බවයි.

දැනට විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා හා මණ්ඩප ඇතුළු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන 100කට අධික සංඛ්‍යාවක් මෙරට පවතින බවට ගණන් බලා තිබේ.

ඒවා දැනට ලියාපදිංචි කර ඇත්තේ ආයෝජන මණ්ඩලයේ පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 664

Leave A Reply

Your email address will not be published. Required fields are marked *