මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට ජපාන රජයේ සහ UNFPA සහාය

මෙරට ගර්භණී සමයේ දී හෝ දරු ප්‍රසූතියේ දී කිසිදු කාන්තාවකට අනවශ්‍ය අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන අයුරින් මෙරට සෞඛ්‍ය සේවාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගීතාවයෙන්  මෙරට මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවාවේ  කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5.29 ක වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ වෛද්‍ය නොවන උපකරණ තොගයක් භාර ගැනීමේ උත්සව අවස්ථාවට එක් වෙමින් ය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත කුන්ලේ අඩෙනියි යන මහත්වරුන් විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී එම උපකරණ සංකේතාත්මකව භාර දීම සිදු කෙරිණි .

එම මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ විශේෂ වැඩපිළිවෙළ ශක්තිමත් ව ක්‍රියාත්මක කිරීමේ දී සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දැනුම් ප්‍රවේශය පුළුල් කිරීමඋපායමාර්ගික සේවාවන් වැඩිදියුණු කිරීමමෙන් ම සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහාත්සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණයට පරිවර්ථනය කිරීම කාලීන සහ හොඳම විසඳුම බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය ඒ සඳහා මේ වන විටත් ක්‍රියාකරමින් සිටින බව ද ප්‍රකාශ කර සිටියේ ය.

එමෙන් ම ශ්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සදහා වත්මන් රජය ගෙන යනු ලබන විශේෂ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් ව ඉදිරියට ගෙන යාමට මෙවැනි ප්‍රදානයන් බෙහෙවින් ම ඉවහල් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූ ජපාන රජයට මෙන් ම එහි ජනතාවටත්,සියලු සම්බන්ධීකරණයන් සිදුකළ  එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලටත්මෙවැනි ප්‍රදානයන් සිදුකිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ ගෞරවයස්තූතිය පිරිනමන බව ද වැඩිදුරටත් පැවසී ය.

මෙම අත්‍යවශ්‍ය උපකරණ තොගයට සංනිවේදන උපකරණ (ලැප්ටොප් පරිගණක70ක්ඩෙස්ක්ටොප් පරිගණක 40ක්මුද්‍රණ යන්ත්‍ර,  ප්‍රක්ෂේපක යන්ත්‍ර)කාර්යාලීය උපකරණඅත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන් ම වෛද්‍ය නොවන උපකරණ සහ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන සඳහා අවශ්‍යවන නවීන ශීතාගාරයක් ද මෙම උපකරණ තොගයට ඇතුළත්ය. මෙම උපකරණ තෝරාගත් දිස්ත්‍රික්කයන් හි රෝහල් සහ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල අවශ්‍යතාවය පරිදි බෙදා දීමට නියමිත ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනනියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායකපවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග යන මහත්ම මහත්මීන් සහ  ජපාන රජයේ සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙරට කාර්යාල නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් දපවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

What's your reaction?

Related Posts

1 of 689

Leave A Reply

Your email address will not be published. Required fields are marked *