ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව තහවුරු කරමින් තිරසාර වර්ධනයක් කරා මෙරට ව්‍යාපාර මෙහෙයවීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 166ක මූල්‍ය වැඩසටහනක් අද (25) ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු තුනක් හා සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කාන්තාවන් සතු ව්‍යාපාර සහ කෘෂිකාර්මික අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීමයි.මෙරට සමස්ත ව්‍යාපාරවලින් 75%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ජාතික රැකියා නියුක්තියෙන් 45%කට දායකත්වය සපයන බව IFC පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ණය ලබා ගැනීමේදී පවතින දුෂ්කරතා මෙම ව්‍යාපාරවල වර්ධනයට ප්‍රධාන බාධකයක් වී ඇති බැවින්, එම අභියෝග ජයගෙන රටේ දිගුකාලීන ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට මෙම හවුල්කාරිත්වය මඟින් ඉලක්කගත විසඳුම් ලබා දීමට සැලසුම් කර ඇත.ආසියා පැසිෆික් කලාපීය IFC අධ්‍යක්ෂ ඇලන් ෆෝලෙමු මහතා සඳහන් කළේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යනු ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය වන අතර නව රැකියා උත්පාදනය සඳහා ඒවායේ ප්‍රසාරණය අත්‍යවශ්‍ය වන බවයි. විශේෂයෙන්ම ආර්ථික අර්බුද හමුවේ පෞද්ගලික ප්‍රාග්ධනය සීමා වන අවස්ථාවලදී මැදිහත් වෙමින්, ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවශ්‍ය ඔක්සිජන් ලබා දීම තම ආයතනයේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන බව ද ඔහු අවධාරණය කළේය.මෙම මූල්‍ය ප්‍රතිපාදන කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරවලට සහ කුඩා වතු හිමි ගොවීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින් නිකුත් කිරීමට නියමිතය. ඒ හරහා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව, අනාගතයේදී ඇතිවිය හැකි ඕනෑම ආර්ථික කම්පනයකට සාර්ථකව මුහුණ දීමේ ශක්තිය ව්‍යවසායකයින් වෙත ලබා දීම මෙම වැඩසටහනේ අවසන් අපේක්ෂාවයි.


























