2025 වසරේදී රටේ බදු පදනම සැලකිය යුතු ලෙස පුළුල් කරමින් මේ වසර තුළ මේ වන විට සමාගම් 18,000 කට වැඩි සංඛ්‍යාවක් බදු ගෙවීම සඳහා අලුතින් ලියාපදිංචි වී ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරයි. නවතම ආදායම් කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින්, ආදායම් බදු කටයුතු සඳහා එම කාලය තුළ පුද්ගල බදු ගෙවන්නන් 200,000 කට අධික සංඛ්‍යාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් හෙළි කළාය. මෙම වැඩිවීම අනුකූලතාව වැඩි දියුණු කිරීමට, බදු ගෙවන්නන්ගේ ජාලය පුළුල් කිරීමට සහ තවත් ව්‍යාපාර හා පුද්ගලයින් විධිමත් බදු ක්‍රමයට ගෙන ඒම සඳහා දෙපාර්තමේන්තුවේ දැඩි උත්සාහයන් පිළිබිඹු කරන බව ඇය සඳහන් කළාය. ස්වේච්ඡා බදු අනුකූලතාව ශක්තිමත් කිරීම සහ රජයේ ආදායම් එකතු කිරීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් දිවයින පුරා දැනුවත් කිරීමේ සහ බලාත්මක කිරීමේ වැඩසටහන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දිගින් දිගටම පවත්වාගෙන යයි.






















