මෝල් කසුන්

හෝමාගම, ගලවිල ප්‍රදේශයේදී අද (18) දින සිදු කළ වැටලීමකදී මනුෂ්‍ය ඝාතන 04 ක් සහ දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි මෝල් කසුන් නැමැත්තා මෙරටට පැමිණ සැඟව සිටියදී අත්අඩංගුවට ගත බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය පැවසුවා.

ඔහු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු මිලිගෑම 5,000 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් නීති විරෝධී කටයුතු සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තාගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කළ වෙඩික්කරුබවද පොලිසිය පවසනවා.

2023 මැයි මස 12 වැනිදා අවිස්සාවේල්ල, තල්දුව හන්දියේ සුපිරි වෙළඳසලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීමට, මෙන්ම එම මස 26 වැනිදා කල්දූව, දේව ප්‍රතිමාව ඉදිරිපිට දී යතුරු පැදියකින් ගොස් ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීම හා 2023 සැප්තැම්බර් මස 20 වැනිදා තල්දූව, ගුරු පස්වල දී යතුරු පැදියකින් ගොස් ත්‍රීරෝද රථයක ගමන් ගත් පුද්ගලයන් සිව් දෙනකුට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමට මොහු සම්බන්ධ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මීට අමතරව තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමද මොහු විසින් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,014

Leave A Reply

Your email address will not be published. Required fields are marked *