ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු සහ ඔවුන් සතු ධීවර යාත්‍රා දෙකක් ඊයේ (ජනවාරි 20) රාත්‍රියේ යාපනය, කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇත. උතුරු නාවික විධානය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිටි මෙම පිරිස නිරීක්ෂණය කර ඇති අතර, ඔවුන් පලවා හැරීමට නාවික හමුදා යාත්‍රා යෙදවූ අවස්ථාවේදීත් දිගින් දිගටම මසුන් ඇල්ලීමේ නිරත වූ මෙම යාත්‍රා දෙක සහ ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලිඩ්ඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.


























