යාපනයට දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය තත්ත්වයට

ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (09) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොළඹ සිට යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ගමන් වාර කිහිපයක්ම අද සිට ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම යාපනය නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය අද දිනයේ සිටම ධාවනය වන අතර, ජනප්‍රිය යාල්දේවී දුම්රිය හෙට (10) සිට දෛනිකව ධාවනය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.​මීට පෙර “දිට්වා” සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14 කට දැඩි හානි සිදුවීම නිසා මගී ප්‍රවාහනය දැඩි ලෙස අඩාල විය. මීට පෙර අවස්ථා කිහිපයකදී තාවකාලික පිළිසකර කිරීම් මත වේග සීමා සහිතව දුම්රිය ධාවනය කළද, මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පසුගිය ජනවාරි මස සිට ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණි.​දැනට පවතින තත්ත්වය අනුව අදාළ හානියට පත් ස්ථාන 14 ම සාර්ථකව නිම කර ඇති බැවින්, අද සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවනු ඇත. මෙමගින් උතුරු පළාතේ ජනතාවට සහ වන්දනාකරුවන්ට මෙන්ම සංචාරකයින්ට ද වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිතව සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට අවස්ථාව හිමි වේ.

What's your reaction?

Related Posts

1 of 1,087

Leave A Reply

Your email address will not be published. Required fields are marked *