යුද ගැටුම් ගැන යුක්‍රේනය සමග මැයි 15ට පෙර සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් – රුසියානු ජනපති

යුද ගැටුම් සම්බන්ධයෙන් යුක්‍රේනය සමග මැයි 15 ට පෙර  සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි.

ඒ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමිනි

එහිදි ඔහු සඳහන් කළේ පූර්ව කොන්දේසියකින් තොරව සෘජු සාකච්ඡා නැවත ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.

ගැටුම් සඳහා හේතු වූ සාධක ඉවත් කර, කල් පවතින ශක්තිමත් සාමයක් කරා ගමන් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද  සූදානම් බව ද  එම සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කර තිබේ.බ්‍රිතාන්‍ය අගමැති  කීර් ස්ටාර්මර් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඇතුළු යුරෝපීය නායකයින් යුක්රේනයේ කොන්දේසි විරහිත දින 30 ක සටන් විරාමයකට එකඟ වන ලෙස රුසියාවෙන් ඉල්ලා  පැය කිහිපයකට පසු එම යෝජනාව රුසියානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇතැයි සඳහන්.

What's your reaction?

Related Posts

1 of 766

Leave A Reply

Your email address will not be published. Required fields are marked *