යුද හමුදා බුද්ධි තොරතුරකින් ඩුබායි සිට ආ රන් සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ තොගයක් කොටුකර ගනී

ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රන් භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ පොලිසිය සමත්ව තිබේ. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.​සැකකරු 2025 දෙසැම්බර් 30 වන දින දිවයිනට පැමිණ ඇති අතර, රේගු බදු ගෙවීම පැහැර හරිමින් ඔහු සන්තකයේ තබාගෙන සිටි රන් ආභරණ, ජංගම දුරකථන සහ පරිගණක උපාංග රැසක් පොලිස් භාරයට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ භාණ්ඩ තොගය මේ වන විට රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,011

Leave A Reply

Your email address will not be published. Required fields are marked *