වෛද්‍යවරුන්ගේ DAT දීමනාව, ප්‍රවාහන දීමනා සහ පර්යේෂණ දීමනා සංශෝධනය කිරීම ඇතුළු එකඟ වූ ඉල්ලීම් හයක් ඉටු කිරීමට රජය අපොහොසත් වීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (ජනවාරි 23) පෙරවරු 8:00 සිට දිවයින පුරා රෝහල්වල පැය 48ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.කෙසේ වෙතත්, රෝගී ජනතාව මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගනිමින් මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල්, පිළිකා රෝහල්, ත්‍රිවිධ හමුදා රෝහල් සහ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැහැදිලි කර තිබේ. මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කරන මෙම වැඩවර්ජනය සඳහා තමන් කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කර ඇත.


























