රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංකේත වර්ජනය නිමාවට

​රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන ලද පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) පෙරවරු 8.00ට නිල වශයෙන් අවසන් කෙරුණි. මෙම වර්ජනයෙන් අනතුරුව වෘත්තීය සමිතියේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඔවුන්ගේ හදිසි විධායක සභා රැස්වීම අද දිනයේදී පැවැත්වීමට නියමිත බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දක්වන ප්‍රතිචාර මත ඉදිරි දිනවලදී ගන්නා ක්‍රියාමාර්ග තීරණය වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *