රට පුරා හදවත් සැත්කම් සහ වකුගඩු සැත්කම් පෝලිමේ රෝගීන් 40 000 ක්.
සුභ සාධක සහන සලසන්න.
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව.
රටපුරා රෝහල්වල හදවත් සැත්කම් සහ හෘද පරීක්‍ෂණ ශල්‍යකර්ම සඳහා රෝගීන් 20 000 ක් ප්‍රමාණයක් ද,
වකුගඩු කාන්දු පෙරන සහ ශල්‍යකර්ම සඳහා රෝගීන් 20 000 අධික ප්‍රමාණයක් පොරොත්තු ලේඛන වල රැදී සිටීම නිසා එම රෝගීන්ට විශාල අසාධාරණයක් සහ ජීවිත අවධානයක පසු වන බව
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
කොළඹ, ගාල්ල, මහනුවර, බොරැල්ල ළමා රෝහල, පේරාදෙණිය, පොළොන්නරුව, අනුරාධපුර, මඩකලපුව, යාපනය , හම්බන්තොට, මාතර , මාලිගාවත්ත වකුගඩු රෝහල ඇතුළු දිවයින පුරා ප්‍රධාන රෝහල් රැසක මෙම රෝගීන්ගේ පොරොත්තු ලේඛන පවතින අතර හදවත් සැත්කම් ද ඇන්ජෝග්‍රම් පරීක්ෂණද වකුගඩු ශල්‍යකර්මද වකුගඩු බද්ධයේ සඳහා ප්‍රමාණවත් රෝගීන් නොමැති වීමද ඇතුළු ප්‍රශ්න රැසකට මෙම රෝගීන් මුහුණපා ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
මෙම රෝගීන් වැඩි දෙනකු මධ්‍යම පාන්තික හෝල් දිළිඳු රෝගීන් වන අතර
හඳුනාගත් රෝගීන්ට ප්‍රමුඛතාවය මත රජය මගින් ලබා දෙන ආධාරයකට යටත්ව පෞද්ගලික අංශයෙන් හෝ අර්ධ රාජ්‍ය රෝහලකින් හෝ ශල්‍යකර්ම සිදු කරවා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි.
මෙම ශල්‍යකර්මයක් බාහිරින් සිදු කරවා ගන්නේ නම් පෞද්ගලික අංශයේ අවම මුදල රුපියල් ලක්ෂ දහයකට අධික වෙයි.