රට බීම මැනේජර් පහරකෑමෙන් මරුට

රට බීම හලක කළමනාකාරවරයෙකුට පහර දී ඝාතනය කොට තිබෙනවා.

බිබිල නගරයේ රට බීම හලක සේවකයකු විසින් යකඩ පොල්ලකින ගැසීම නිසා මරණය සිදුව ඇති බවයි බිබිල පොලිසිය පැවසුවේ.

මුදල් ගනුදෙනුවක් මත දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහර දීම සිදුව ඇති බවද වාර්තා වනවා.

මරණයට පත්වු කළමනාකාරවරයා ගයාන් ඉන්දික (37) නැමැත්තෙක්.

ඔහු බෝගහමඩිත්ත, හාලිඇල පදිංචිකරුවෙක බවයි පොලිසිය පවසන්නේ.

මරණය සම්බන්ධයෙන් සැකකාර සේවකයා අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *