විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ අරමුණින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (නොවැම්බර් 15) දිනයේදී වැටලීම් 1131 ක් සිදුකර ඇති අතර, එහිදී පුද්ගලයින් 1115 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 531 ක්, අයිස් (ICE) ග්‍රෑම් 754 ක්, ගංජා කිලෝ 8 යි ග්‍රෑම් 953 ක් සහ මත්පෙති 249 ක් ඇතුළු සැලකිය යුතු මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස, අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 31 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග නිකුත් කර ඇති අතර තවත් 63 දෙනෙකු පුනරුත්ථාපන කටයුතු සඳහා යොමු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

























