රටේ ඉන්ධන තොග සහ නව බෙදාහැරීමේ ක්‍රමවේද ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් සහතිකයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්ති කුමාරගේ මහතා ප්‍රකාශ කර සිටින්නේ ලබන මැයි මස 5 වනදා දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග මෙරට සතුව පවතින අතර, ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද ඉන්ධන තොග ගොඩබෑමේ කටයුතු ද මේ වන විටත් සාර්ථකව සිදුකෙරෙන බවයි. ඉදිරි සතියේ සිට ගොවි ජනතාව සඳහා ලීටර් 400 ක සීමාවකට යටත්ව විශේෂ QR බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු යොදා ඇති අතර, සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් වෙනුවෙන් ඔවුන්ගේ ගමනාන්තයන් සැලකිල්ලට ගෙන අඛණ්ඩව ඉන්ධන සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සංචාරක අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, මහා පරිමාණ ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව හරහා සෘජුවම ඉන්ධන ලීටර් 6,000 ක ප්‍රමාණයක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,070

Leave A Reply

Your email address will not be published. Required fields are marked *