ගෝලීය වෙළඳපොලේ ඇතිවූ මිල ඉහළ යෑම් සමඟ සමගාමීව, ශ්‍රී ලංකාවේ රත්රන් මිල අද (ඔක්තෝබර් 17) දින තියුණු ලෙස ඉහළ ගොස් ඇත.ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට, කැරට් 22 රත්රන් පවුමක මිල රුපියල් 379,200 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, කැරට් 24 රත්රන් පවුමක මිල රුපියල් 410,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.වෙළඳුන් පවසන්නේ, ජාත්‍යන්තර රත්රන් වෙළඳපොලේ පවතින උච්චාවචනයන් හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුවී ඇති බවත්, එය දේශීය මිල ගණන් පෙර නොවූ විරූ මට්ටමකට ගෙන ආ බවත්ය.