මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණයත් සමඟ ලෝක වෙළඳපොළේ රත්රන් මිලෙහි අදහාගත නොහැකි මට්ටමේ පහත වැටීමක් වාර්තා වේ. ඊයේ දිනයේදී රත්රන් මිල 10% කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහළ ගිය අතර, එය 1983 වසරෙන් පසුව වාර්තා වූ විශාලතම සතිපතා මිල පහත වැටීම ලෙස ඉතිහාසයට එක්වෙයි. මේ වන විට ජාත්‍යන්තර වෙළඳපොළේ රත්රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,477.5 ත් 4,735.81 ත් අතර අගයක සටහන් වන බව වාර්තා වේ.ගෝලීය වෙළඳපොළේ මෙම විචලනයට සමගාමීව දේශීය රත්රන් වෙළඳපොළේද මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුවී ඇත. හෙට්ටි වීදිය රත්රන් වෙළෙඳුන් පවසන පරිදි, පසුගිය දින දෙක සහ අද (21) දිනය ඇතුළත සමස්තයක් ලෙස දේශීය රත්රන් මිල රුපියල් 29,000 කින් පමණ පහත වැටී තිබේ. පාරිභෝගිකයින්ට සහ ආයෝජකයින්ට තීරණාත්මක බලපෑමක් එල්ල කරන මෙම මිල අඩුවීම, මෑත ඉතිහාසයේ රත්රන් වෙළඳාම තුළ දක්නට ලැබුණු සුවිශේෂීම සංසිද්ධියක් ලෙස සැලකිය හැකිය.
























