හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා, ඒ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිතා කිරීම සහ නිල සංචාරයක මුවාවෙන් පෞද්ගලික සංචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව, වැඩිදුර විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අද දින ජනවාරි 28 වැනිදාට යළි කැඳවීමට නියෝග කර තිබේ.
























