2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරගය දැන් පැවැත්වේ.
ලකුණු 316ක ඉලක්කයක් හඹා යන ඇෆ්ගනිස්ථානය පන්දුවාර 08 ක් අවසානයේ කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 30 කි.
කරච්චිහීදී පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුණේ ලකුණු 28කදී.
නායක ටෙම්බා බව්මා සහ රයන් රිකල්ටන් දෙවැනි කඩුල්ලට ලකුණු 129ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගුවේ ය.
ටෙම්බා බව්මා ලකුණු 58යි.
රයන් රිකල්ටන් පන්දු 106කදී ලකුණු 103ක් රැස් කර ඇත.
එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඇතුළත්ය.
මැද පෙළ ශක්තිමත් කළ රසී වැන්ඩර් ඩසෙන් ලකුණු 52ක් රැස් කර තිබේ.
ඒඩ්න් මාක්රම් ලකුණු 52යි.
දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 315කි.