රාගම ප්‍රදේශයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මහර බන්ධනාගාරය තුළ ඊයේ (01) දින හටගත් නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීමේ අරමුණින් රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම සේවා වසම් 3ක් සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාම සේවා වසම් මෙලෙස සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇත.​බන්ධනාගාරය තුළ පැවති උණුසුම්කාරී තත්ත්වය ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම පාලනය කර සාමකාමී වාතාවරණයක් යළි තහවුරු කර ඇති බැවින් මෙම තීරණය ගත් බව පොලීසිය පවසයි. ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට හැරීමත් සමඟම අදාළ ප්‍රදේශවල ජනජීවිතය සහ සාමාන්‍ය කටයුතු යථා පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,266

Leave A Reply

Your email address will not be published. Required fields are marked *