රාගමදී සහ වාලච්චේනේදී පුද්ගල ඝාතන දෙකක්

රාගම සහ වාලච්චේන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, රාගම, තලගොල්ල ප්‍රදේශයේ ඝාතනයෙන් වයස අවුරුදු 76 ක කාන්තාවක් මිය ගොස් ඇති බවයි.

ගෙල කපා පසුව ගිනි තබා එම ඝාතනය සිදු කර තිබේ.

වාලච්චේන ඕමනියාමඩු ප්‍රදේශයේ ඝාතනය සුදුව ඇත්තේ පහරදීමෙනි.

වයස අවුරුදු 63ක පුද්ගලයෙක් සිද්ධියෙන් මිය ගොස් ඇත.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් විසඳීමට යාමේදී සිදු වූ පහරදීමකින් ඔහු මිය ගොස් ඇති බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *