රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට.

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්වත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

වසර 53 කට වැඩි කාලයක්, තරඟකාරී මිල ගණන් යටතේ තත්ත්ව සහතික සහිත ඖෂධ සැපයීමට කටයුතු කරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්යභාරය වනුයේ සාමාන්‍ය ඖෂධ භාවිතය ප්‍රවර්ධනය කරන අතරම ආරක්ෂිත, කාර්යක්ෂම සහ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදන සහ සෞඛ්‍ය සේවා දැරිය හැකි මිලකට ලබා දෙමින් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම වේ.

ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍යවරයා ආයතනයේ සභාපති සහ පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද මෙහිදී නිරත විය.

ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් සොයා බැලූ අමාත්‍යවරයා ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද සිදු කරනු ලැබීය.

මෙහි දී ආයතනික සමාජ වගකීම්, රසායනාගාර පහසුකම්, පූර්ව සහ අලෙවිකරණ තත්ත්ව සහතික නිකුත් කිරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන් ම ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කරන ලදි.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ සියළු මෙහෙයුම් කටයුතු එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ අතර, එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු පිළිබඳව කාර්ය මණ්ඩලය සමග ද සුහඳව සාකච්ඡාවක ද නිරත විය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන් ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියළුම සේවකයින් ධෛර්වත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය සෑම විටම පෙනී සිටින බව පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ එම්.එල් සුබසිංහආරච්චි යන මහත්වරු එක්ව සිටිය

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *