රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී ..

රාජ්‍ය වෙසක් සැමරුම නුවරඑළියේදී පැවැත්වෙයි.

එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර ජාතික වෙසක් සතිය සැමරෙන්නේ, කළණ මිතුරන් ඇසුරු කරමු යන්න තේමා කර ගනිමින් ය.

මේ අතර, වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8712 ක් ලියාපදිංචි කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය දැනුම් දෙන්නේ, සෞඛ්‍යාරක්ෂිතව දන්සල් ලබාදීම සිදුකරන ලෙසයි.

දිවයින පුරා දන්සැල් පරික්ෂාවට යොදවා ඇති මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සංඛ්‍යාව, 2500 කි.

මේ අතර,, අද සිට දින තුනක් දිවයිනේ සියලු සුරාසැල් වසා තැබෙන බව, සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඊට සමගාමීව, මාංශ අලෙවිසැල් ද වසා තැබෙනු ඇති.

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට, අමුත්තන් බැලීම සඳහා අද සහ හෙට විශේෂ අවස්ථාවක් ද, දී තිබේ. 

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *