රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

වැටුප් වැඩිකිරීම හමුවේ රාජ්‍ය සේවයේ පහළම  කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් ඉහළ යන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍යමහින්ද ජයසිංහ මහතා අද(18) පාර්ලිමේන්තවේදී පැවසීය. අද පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බවපැවසීය.

 වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මේ වනවිට රාජ්‍ය සේවකයින්ට දීමනා වර්ග දෙකක් ලබා දෙනවා. එකක් තමා ජීවන වියදම් දීමනාව රුපියල් 17,800 තව දීමනා දෙකක් පසුගිය කාලයේ වැඩි කරපු රුපියල් 7,500ක් තියෙනවා. රු 5,000ක් සහ රු 2,500ක් ලෙස. මෙන්න මේ රු 7,500 අර කියන රු 15,750 ඇතුළේ වැටුප් වැඩිවීමට එකතු වෙනවා.  බේසික් එක රු 15,750කින් වැඩි වෙනකොට එතැන තියෙනවා රු 7,500ත් අලුතින් ඉතිරි කොටසත්. හර්ෂ ද සිල්වා සඳහන් කළේ PL 1 මේ වැටුප විතරයි. අනිත් වැටුප් ගැන කතා කළේ නෑ.

ඒ නිසා රු 5,000කුත් ඉතිරි 3,250න් 975කුත් අන්න වැඩි වෙනවා මේ වසරේ. අන්න එතකොට රාජ්‍ය සේවයේ PL 1 කාණ්ඩයේ අවම වැටුප රු 5,975කින් වැඩි වෙනවා.”

ඒ වගේම රාජ්‍ය සේවයේ සෑමකෙනෙකුගේම වාර්ෂික වැටුප් වර්ධකය 80%කින් වැඩි වෙනවා. අවම රු 250 වාර්ෂික වැටුප් වර්ධකය රු 450 දක්වා 80% දක්වා වැඩිවෙනවා. ඒ වගේම තමා අනිත් කාණ්ඩවලත් වැටුප් වැඩිවෙනවා.

ග්‍රාම නිලධාරී සේවාව වර්තමාන වැටුප GN – 1 – රු 28,940  වසර තුනක් ඇතුළත 56,630ක් වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා රු 40,000 බේසික් එකට 17,500 කියන ජීවන වියදම් දීමනාව ඒ ආකාරයටම එකතු වෙනවා. එතකොට ඔහුගේ දළ වැඩි විම රු 21,690 එතැනින් 17,500 ඉවත් කළාම ඔහුගේ ශුද්ධ වැඩිවීම රු 14,190ක්. ඒ කියන්නේ අද දවසේ ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප රු 9,257කින් වැඩි වෙනවා.

මේ මොහොතේ වෛද්‍ය සේවයට බැඳෙන වෛද්‍යවරයෙකුගේ (MO) වැටුප රු 54,290යි. එය රු 91,750 දක්වා බේසික් එක වැඩිවෙනවා. එතකොට ඔහුගේ දළ වැඩිවීම 37,460යි එකෙන් 7,500ක් අඩු කරාම රු 29,960ක් එකෙන් 30%ක් දෙනවා. දළ වැඩිවීමෙන් රු 7,500ක් අඩුකරලා ඉතිරියෙන් 30%ක් මේ වසරේ අප්‍රේල් 1 වනදා සිට සියලු රාජ්‍ය සේවකයින්ට ලැබෙනවා. එතකොට වෛද්‍යවරයෙකුගේ වැටුප රු 13,988කින් වැඩිවෙනවා.

දැන් පැයකට ගෙවන්නේ රු 687යි. මේ අලුත් වැටුප් වැඩිවීමත් එක්ක අලුතින් බැඳෙන මෙඩිකල් ඔෆිසර් කෙනෙකුට OT පැයකට රු 764ක් වෙනවා.”

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *