​රාමසාන් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ සේවා මුර සහ උත්සව අත්තිකාරම්

එළඹෙන රාමසාන් සමය වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ට ඔවුන්ගේ ආගමික වතාවත්වල නිරත වීමට පහසුකම් සලසන ලෙස දන්වමින් රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මගින්, නියමිත කාලසීමාවන් තුළ ආගමික වත්පිළිවෙත් ඉටු කිරීමට හැකි වන පරිදි සේවා මුර සකස් කරන ලෙස උපදෙස් දී තිබේ. මෙවර රාමසාන් සමය පෙබරවාරි 19 වැනිදා සිට මාර්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.​අදාළ චක්‍රලේඛයට අනුව, අලුයම 3:30 සිට 6:00 දක්වා ද, පස්වරු 3:15 සිට 4:15 දක්වා සහ පස්වරු 6:00 සිට 7:00 දක්වා ද, රාත්‍රී 7:30 සිට 10:30 දක්වා ද වන කාලසීමාවන් තුළ බැතිමතුන්ට වතාවත් සඳහා අවස්ථාව හිමිවන පරිදි රාජකාරී කටයුතු සැලසුම් කළ යුතුය. මීට අමතරව, රාමසාන් සමය අවසන් වීමට දින 14කට පෙර සුදුසුකම් ලත් සේවකයින් වෙත උත්සව අත්තිකාරම් ලබා දීමට පියවර ගන්නා ලෙස ද එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දන්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *