රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට

රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ උඩවළව ප්‍රදේශයේදී අද (නොවැම්බර් 23) සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සඳහන් කළේ මෝටර් රථයක් සහ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි, බඩල්කුඹුර මූනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.​මේ අතර, පානදුර-කළුතර මාර්ගයේ කළුතර උතුර ප්‍රදේශයේදී සිදු වූ තවත් රිය අනතුරකින් පාපැදිකරුවෙකු මියගොස් ඇත. වෑන් රථයක් සහ පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගොස් ඇත්තේ 30 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරු දෙක සම්බන්ධයෙන්ම පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 855

Leave A Reply

Your email address will not be published. Required fields are marked *