රියඅනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට – 14 දෙනෙකු රෝහලේ

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ රියැදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හා බීමත්කම මෙම අනතුරුවලට හේතු වී ඇති බවයි.

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගණදෙවි කෝවිල අසලදී අද උදෑසන මෝටර් රථයක් ගසක ගැටී සිදු වූ අනතුරින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරට මුහුණ පා ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක්.

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ සරෝද හංදිය ප්‍රදේශයේදී කැබ් රථයක් යතුරුපැදි දෙකක ගැටී සිදු වූ අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා තණමල්විල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර කැබ් රථයේ රියැදුරා බීමත්ව සිට ඇතැයි පොලිසිය පැවසුවා.

ගාල්ල සිට ඇල්ල හරහා හපුතලේ දෙසට යමින් සිටි වෑන් රථයක් ඔත්තකඩේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රියැදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *