රියැදුරු බලපත්‍ර සේවාවට අයහපත් කාලගුණයෙන් බාධා!

රියැදුරු බලපත්‍ර ලබා දීමේ මාර්ගගත සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පවසයි. කොමසාරිස් ජනරාල්වරයාට අනුව, රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ගගත පද්ධතිය අක්‍රීය වී ඇත. ඒ අනුව, බලපත්‍ර නිකුත් කිරීම වේරහැර ප්‍රධාන කාර්යාලයේදී සහ දිස්ත්‍රික් කාර්යාල මඟින් ‘තොරතුරු පද්ධතිය භාවිතා නොකර’ (offline) සිදු කරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 864

Leave A Reply

Your email address will not be published. Required fields are marked *