රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය විසින්  සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක්

2025 වර්ෂයට මත්පැන් බලපත්‍ර දීර්ඝ කර ගැනීම සහ සමහර නිලධාරීන්ගේ අකටයුතු නිසා බලපත්‍රධාරීන් අපහසුතාවයට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය විසින්  සුරා බදු කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් මගින් දැනුම් දී තිබේ.
2025 වර්ෂයට මත්පැන් බලපත්‍ර අළුත් කරගැනීම සඳහා කටයුතු කිරීමේදී දැනට සුරාබදු ප්‍රධාන කාර්යාලයේ රාජකාරි ආවරණය කරන සුරාබදු නියෝජ්‍ය කොමසාරිස්වරුන් සහ එම රාජකාරි කටයුතු වල නියැළුණු අනෙකුත් සුරාබදු නිලධාරීන් ඇතුළු සියළු දෙනාගේ කැප කිරීම ඉතාමත් ප්‍රශංසනීය බව එම ලිපිය මගින් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔබ ඇතුළු එම සියළුම නිලධාරින් හට අප සංගමයේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටින බවද පෙන්වා දී ඇත.
සුරාබදු කොමසාරිස්වරයාට යොමු කළ එම ලිපියේ මෙසේද දක්වා ඇත.
සමහර ප්‍රාදේශීය කාර්යාල වල සේවය කරන සුරාබදු නිලධාරීන් ඔවුන්ගේ දූෂිත ක්‍රියා දිගටම පවත්වා ගෙන යාමට කටයුතු කරන බැවින් අප බලපත්‍රධාරීන් අපහසුතාවයට පත් වූ බව ද ප්‍රකාශ කරමු. අප සංගමයේ සාමාජිකයෙකු වන ටින්ස්කෝ ලිකර් ෂොප් (Trinco Liquor Shop) බලපත්‍රධාරි හට මුදල් සහ මත්පැන් ඉල්ලා ත්‍රිකුණාමලය සුරා බදු ස්ථානයේ කටයුතු කළ වීරමන් නැමති සුරා බදු ස්ථානාධිපතිවරයා තර්ජනය කරන බව මීට පෙරද සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.ඩී.එන්. ජයවිර මහතාටද දැනුම් දුන් බව ප්‍රකාශ කරන්නෙමු. මෙම බලපත්‍රධාරි හට 2025 වර්ෂයට මත්පැන් බලපත්‍රය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය සුරාබදු ප්‍රධාන කාර්යාලයෙන් යවනු ලබන ලිපිය ලබානොදී ප්‍රමාද කරමින් ත්‍රිකුණාමලය සුරාබදු කාර්යාලයේ වැඩ බලන සහකාර සුරාබදු කොමසාරිස්වරයා වශයෙන් කටයුතු කරන විජේරත්න නැමැති නිලධාරි මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කළ බව අප හට දැනුම් දුන් අතර මේ සඳහා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ආදායම් ජයන්ත සිල්වා මහතාගේ මැදිහත්භාවය නිසා අවසානයේ අදාළ ලිපිය ඔහු හට ලබා ගැනීමට හැකි වූ බවද දන්වමු.
මෙම විජේරත්න නැමැති සුරාබදු නිලධාරි මහතා මීට පෙර නුවරඑළිය සුරාබදු අධිකාරි වශයෙන් කටයුතු කළ අවස්ථාවේදීද නොයෙක් අක්‍රමිකතා සිදු කරන ලද බවට බලපත්‍ර ධාරීන් අප හට දැනුම් දුන් බවද දන්වමු. එබැවින් මෙම නිලධාරීන් දෙදෙනාගේ ක්‍රියා කලාපය නිසා සුරා බදු දෙපාර්තමේන්තුව පමණක් නොව නව රජයද අපහසුතාවයට පත්වන බැවින් මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඒ සඳහා සාක්ෂිකරුවන් වශයෙන් ට්‍රින්කෝ ලිකර් ෂොප් බලපත්‍රධාරි සහ W.G.G. වයින් ස්ටෝර්ස් බලපත්‍රධාරි මානවසිංහ නැමැති අයද කැඳවන ලෙස කාරුණිකව දන්වමු.
මෙයට අමතරව පොළොන්නරුව සුරා බදු ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන සංජීව කුමාරසිංහ නැමැති අය නව මත්පැන් බලපත්‍ර ලබාදීමේදී ඔහුගේ පුත්‍රයාගේ නමින් (සමාගමක් ස්ථාපිත කාර) මත්පැන් බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම් කර තබු අතර, ඔහුගේ පවුලේ ඥාතීන් නමින් විශාල වත්කමක් උපයාගෙන ඇති අතර දැනට මෙම පවුලේ සාමාජිකයින්ට ජනතා සහල් නමින් සහල් මෝල්ක්, සමර් හෙවත් (Hotel Summer Haven) නමින් හෝටලයක් (මත්පැන් බලපත්‍රයක්ද සහිත) මෝටර් රථ අලෙවි මධ්‍ය ස්ථානයක් සහ පොළොන්නරුවේ බේකරි නිෂ්පාදන අලෙවි ජාලයක් ද පවත්වාගෙන යන බව දන්වමු. එමෙන්ම සුරා බදු දෙපාර්තමේන්තුවේ රාජකාරි කරනු ලබන, එල්.ඩී. විජේසේකර සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමකවරුන්ගේ සංගමයේ සභාපතිගේ බිරිඳ හෝ ඥාතියෙකු යැයි කියනු ලබන හපු ආරච්චිගේ මදාරා කෞෂල්‍යා නමින් සුරා බදු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අංක 35/6, ධර්මපාල මාවත ගම්පහ ලිපිනයට නව මිත්පැන් බලපත්‍රයක් ලබාගෙන තිබූ අතර, පසුව එහි බලපත්‍රය මිලියන 100 (සියයක) මුදලකට නිලතනායක අධිකාරි මුදියන්සේලාගේ නිලක් ප්‍රියන්ත නැමැති අයට විකුණා ඇති බවත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගැනීමට ඇත. මෙම බලපත්‍රය දැනට ලේසර් වයින් ස්ටෝර්ස් 209/1, ජා ඇල පාර, ගම්පහ නැමැති ස්ථානයේ ක්‍රියාත්මකව ඇති බවද දැන ගැනීමට ඇත. එබැවින් මෙම කරුණු දෙක කෙරෙහි ද වෙනම විමර්ශණයක් කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මඟින් සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලමු.
මේ ලිපියේ පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට සහ මූල්‍ය අපරාධ විමර්ශන අංශය, අපරාධ  පරීක්ෂන දෙපාර්තමේන්තුවේ අධයක්ෂවරයාට යොමු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *