අලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක රුපියල් 500ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මරදමුනෙයි ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අදාළ ව්‍යාපාරිකයා සිය දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට ගිය අවස්ථාවේදී සැකකාරිය විසින් රුපියල් 1,000ක අල්ලසක් ඉල්ලා තිබේ. එහිදී රුපියල් 500ක මුදලක් ලබාගෙන ඇති ඇය, ඉතිරි රුපියල් 500ක මුදල 2026 පෙබරවාරි 16 වන දින සහතිකය ලබා ගැනීමට එන විට රැගෙන එන ලෙස දන්වා ඇත. ඒ අනුව අද දින සිය නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයේදී ඉතිරි රුපියල් 500 ලබාගන්නා අවස්ථාවේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකාරිය අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


























