රුපියල් කෝටි 1.5ක විදෙස් දුම්වැටි සමඟ මීගමුවේ යුවළක් කටුනායකදී කොටුවෙයි!

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රුපියල් මිලියන 15ක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික යුවළක් ජනවාරි 12 වනදා අලුයම ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අබුඩාබි සිට එතිහාඩ් ගුවන් සේවයට අයත් EY-394 දරන යානයෙන් අලුයම 2.30ට පමණ මෙරටට පැමිණි මොවුන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, 39 හැවිරිදි සැමියා සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නෙකු බවත් ඔහුගේ බිරිඳ 29 හැවිරිදි වියේ පසුවන බවත් වාර්තා වේ.​පොලිසිය සඳහන් කළේ සැකකරුවන් සතුව තිබූ ගමන් මලු හයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී “ප්ලැටිනම්” (Platinum) වර්ගයේ විදේශීය දුම්වැටි 100,000ක් අඩංගු කාටූන් 500ක් සොයාගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුව පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔවුන් ජනවාරි 14 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *