රුපියල් කෝටි 46 ක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය තරුණියක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ ඇයගේ ගමන් මලු 02 ක් තුළ තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි.

ඇය ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *