රුපියල් බිලියන 3ක මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුම් දෙකකදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ වෙරළාරක්ෂක බලකාය සහ පොලිසිය ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ පළමු වැටලීමේදී රුපියල් බිලියන 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 123කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි. අද (16) දින සිදුකළ මෙම මෙහෙයුමේදී යාත්‍රාවේ සිටි සැකකරුවන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් ඇත.​මේ අතර, නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත බේරුවල මුහුදු තීරයේදී සිදුකළ තවත් මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය පාර්සල් තොගයක් සහිත දෙවන බහුදින ධීවර යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. එම යාත්‍රාවේ සිටි සැකකරුවන් හයදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ එක්ව නාවික හමුදාව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,051

Leave A Reply

Your email address will not be published. Required fields are marked *