​රුපියල් ලක්ෂ 20ක කහ තොගයක් විනාශ කිරීමට නියෝග: කොළඹ ව්‍යාපාරිකයෙකුට දඩ!

​කොළඹ 12, පැරණි මුවර් වීදියේ නිසි ආනයනකරු, බෙදාහරින්නා හෝ සැපයුම්කරු පිළිබඳ තොරතුරු නොමැතිව නීතිවිරෝධී ලෙස ආනයනික කහ අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 10,000ක දඩයක් නියම කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම වංචාව අනාවරණය වී තිබේ.​දඩ මුදලට අමතරව, රුපියල් මිලියන 2ක් පමණ වටිනා කිලෝග්‍රෑම් 25 බැගින් වූ කහ කැබලි අඩංගු පාර්සල් 19ක් රාජසන්තක කර විනාශ කරන ලෙස ද අධිකරණය නියෝග කළේය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ මෙම තොගය නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ බවත්, නඩු තීන්දුව ලබා දෙන අවස්ථාව වන විට ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති බවත්ය.

What's your reaction?

Related Posts

1 of 977

Leave A Reply

Your email address will not be published. Required fields are marked *