රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව – ඉංගිරිය කොටසේ ඉදිකිරීම් දෙසැම්බර් 1 ඇරඹේ

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වූ මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු එළඹෙන දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.​කිලෝමීටර් 1.820 කහතුඩුවේ සිට කිලෝමීටර් 24 දක්වා ඉංගිරිය ප්‍රදේශය තෙක් දිවෙන මෙම කොටස කොන්ත්‍රාත් පැකේජ 11ක් යටතේ ක්‍රියාත්මක කෙරේ. විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙත මෙම වැඩකටයුතු පවරා ඇත.​වසර තුනක කාලයක් ඇතුළත රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *