රුසියානු ජනපතිගෙන් ජනපති අනුර කුමාර දිසානායකට ශෝකය

දිවයින පුරා මෑතකදී ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදුවූ ජීවිත හානි සහ පුළුල් විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබේ. ජනාධිපති පුටින් මහතා සිය පණිවුඩය මඟින් මිනිස් ජීවිත හානි සහ සිදුවූ පුළුල් හානිය පිළිබඳව කනගාටුව පළ කර ඇති අතර, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවද ප්‍රකාශ කර ඇත. අභාවප්‍රාප්ත වූවන්ගේ පවුල්වලට සහ ඥාතීන්ට සිය ශෝකය සහ සහාය පළ කරන ලෙසත්, තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසත් එතුමා ජනාධිපති දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපත්වලින් එකක් ලෙස මෙය සැලකෙන අතර, මේ වන විට මෙරට විශාල පරිමාණයේ මුදාගැනීම් සහ සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුවන අවස්ථාවක රුසියානු ජනාධිපතිවරයාගේ මෙම පණිවුඩය ලැබී තිබේ.

What's your reaction?

Related Posts

1 of 496

Leave A Reply

Your email address will not be published. Required fields are marked *