රුසියානු ප්‍රහාරයකින් යුක්රේන බලාගාරයක් විනාශයි

රුසියානු ප්‍රහාරයකින් යුක්රේනයේ කිව් නගරය අසල ප්‍රධාන විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කිව් ඇතුළු කලාප තුනකට විදුලිය සපයනු ලැබුවේ ටි්‍රපිලියා නැමති මෙම බලාගාරයෙන් බවයි

ඊයේ (11) දිනයේ පමණක් යුක්රේනය පුරා පිහිටි ස්ථාන රැසක් ඉලක්ක කර රුසියාව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 80කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර, ඒවා බොහොමයක් බලශක්ති සහ යටිතල පහසුකම් සපයන ස්ථාන ඉලක්ක කරගත් ප්‍රහාර බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *