ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයක් අද දින blumendal cargo අංගනයේදී විවෘත කරනු ලැබුවා
සීවලී අරුක්ගොඩ
විදේශයන්හි සේවය කරන ජනතාවගේ භාණ්ඩ මුවාවෙන් මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා තිබෙනවා
ලැබුණු තොරතුරකට අනුව මෙම භාණ්ඩ තොගය රඳවාගෙන පරීක්ෂාවට භාජනය කරා
නිවැරදි නම් ලිපින ලබා නොදී මෙම භාණ්ඩ තොගය මෙරටට ගෙන්වා තිබෙනවා
දැනට ගණන් බලා තිබෙන වටිනාකම රුපියල් මිලියන 200 ක් පමණ වනවා ඉදිරී පරීක්ෂා කිරීම්වලදී මෙම මිල ගණන් වෙනස් වන්නට පුළුවන්
සුවඳ විලවුන් රූපලාවන්‍යය ආලේපන පාවහන් කහ ඇතුළු භාණ්ඩ මේ අතර වනවා
කම්කරු හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනීල් ජයන්ත
වරයි තදබදය අවම කිරීම සඳහා අපි නිරීක්ෂණ චාරිකාවල යෙදෙනවා ඒ අතරතුර තමයි මෙවැනි භාණ්ඩ දෙයක් හමුවී තිබෙන බවට අද දින පරීක්ෂා කරන්න ආවෙ
මේ සම්බන්ධයෙන් අපි අවශ්‍ය කරන නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා
වරයි තදබදය අවම කරවන්නටත් අපි කටයුතු කරමින් යනවා විවිධ උත්සව කාලවල සහ විවිධ අවශ්‍යතා මත මෙම තදබදයන් නිර්මාණය වෙනවා
මීට පෙරත් මෙම ගැටළු තිබිලා තියෙනවා නමුත් ක්‍රමවේද සකස් කරලා නැහැ දැන් අපි එකින් එක විසඳමින් යනවා
නැව් හැරිලා ගියා කියන එක අපිට ලැබුණු තොරතුරු අනුව කියපු දෙයක්. නිලධාරීන් සහ නැව් සමාගම් කිව්ව කරුණු තමයි අපි ඉදිරිපත් කරේ
නමුත් වෙනත් හේතු තියෙන්න පුළුවන් හැරිලා ගියාද නැද්ද කියන කාරණාව අනුව
මාධ්‍ය හරහා කරුණු නිසියාකාරව සොයා බලන්නේ නැතුව ප්‍රචාරය කෙරෙනවා ඇත්තටම නැව් හැරිලා ගිය නිසා සංඛ්‍යාව දන්නේ නැහැ
දාහතරක් කියලා කියනවා 24 ක් කියලා කියනවා තිහක් කියලා කියනවා අපි දැන් ඒ පිළිබඳවත් සොයාගෙන යනවා
කන්ටේනර් 323 ක් අපිට කරපු එක ගැන කතාබහක් ඇති වුණා
නමුත් මේක පෙර පන්සිය හැත්තෑවක් එලෙස පිටත් කර තිබෙනවා වරායේ තදබදය අවම කිරීමේ දී තමයි මෙම කන්ටේනර් 323 පිටත් කර තිබෙන්නේ
අපි ඒ පිළිබඳවත් එම පිටත් කර හැරීම පිළිබඳවත් එම නිලධාරීන් පිළිබඳවත් පරීක්ෂණ කරනවා