රෝගී වූ රැඳවියකුගෙන් ලක්ස පහක කප්පමක් ඉල්ලලා..

රැඳවියාගේ බිරිඳගෙන් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයෙකුට එරෙහිව බන්ධනාගාර කොමසාරිස්ට පැමිණිල්ලක්..

ඉල්ලපු ලක්ෂ පහේ කප්ප මෙන් ලක්ෂ තුනකුත්ගෙවලා..
…………………………………

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියෙකුට රුපියල් ලක්ෂ පහක කප්පම් ලබා දෙන ලෙස කළ පෙරෙහිව ඔහුගේ බිරිඳ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කළා..

පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ.සභාපති සහ ඇයගේ නීතිඥවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද අක්‍රමිකතාවයක්
සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පැමිණිල්ලක්.

දැනට බූස්ස බන්ධනාගාරයේ සිටින විජේතුංග මුදියන්සේලාගේ අසංක ප්‍රියදර්ශන (සිරකරු
අංක 5387) යන අය වර්ෂ 2024 දී මෙකී බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති අතර
වෛද්‍ය නිර්දේශ අනුව මොහුට භෞත චිකිත්සක ප්‍රතිකාර ඇතුලු අනෙකුත් ප්‍රතිකාර ලබාදිය
යුතුව තිබුණා. බවත්. එසේ තිබියදී බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ලක්ෂ පහ (රු.500,000/-) ක මුදලක්
ප්‍රතිකාර කටයුතු සදහා මොහුගෙන් ඉල්ලා තිබෙන බවත්
දැඩිසේ රෝගාතුර වී ඇවිදිමට පවා නොහැකි වි සිටින මෙකි විජේතුංග මුදියන්සේලාගේ
අසංක ප්‍රියදර්ශන යන අය විසින් තමන්ගේ ජිවිතය බේරා ගැනිමේ අරමුණින් වෛද්‍ය
හේමන්ත යන අයට මුදල් ලබාදිමට එකග වී ඇති බවත් කියා සිටියා.ඒ අනුව ඔහු එම මුදලින් රුපියල්
ලක්ෂ තුන (රු.300,000/-) ක මුදලක් අවස්ථා තුනකදී ඔහුගේ හිතවතෙකු වන මලිත්
මධුසංක යන අය විසින් එකී වෛද්‍යවරයාගේ සම්පත් බැංකුවේ අංක 105653658051 දරණ
ගිණුමට බැර කර තිබේ. ඒ අනුව,
2024.08.19 වන දින රු.100,000/- මුදලක්ද,
2024.08.02 වන දින රු.100,000/- මුදලක්ද,
2024 ජුලි මස අග භාගයේ (නියමිත දින පරික්ෂණයේදි ඉදිරිපත් කරන බව දන්වා
සිටිමි) රු. 100,000/- මුදලක්ද වේ.

තවද මෙම වෛදවරයා විසින් මෙම විජේතුංග ආදියන්සේලාගේ අසංක යන
අයට අපරාධයක් කිරිම සදහාද උපදෙස් දී ඇති බවද මාධ්‍ය හමුවේ කියා සිටියා..

වෛද්‍යවරයාගේ වෘත්තිය ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂක ජනරාල් වෙත මෙම පැමිණිල්ලේ පිටපතක් සහිතව දැනුම් දෙන ලෙසද, පුතිකාර
කිරිම සදහා මුදල් ලබා ගැනිම සහ රැඳවියන්ට අපරාධ කිරිමට උපදෙස් දිම සමිබන්ධයෙන්
අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියා..

What's your reaction?

Related Posts

1 of 522

Leave A Reply

Your email address will not be published. Required fields are marked *