ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්ථානයේ රැඳී සිටීමට එකඟ වී ඇති අතර, ඒ අනුව එක්දින තරඟ නොවැම්බර් 14 සහ 16 යන දිනවල රාවල්පින්ඩිහිදී පැවැත්වීමට නියමිතය. “පාකිස්තාන තරඟ සංචාරය අඛණ්ඩව කරගෙන යාමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ කෘතඥතාව! 🇵🇰🇱🇰. ක්‍රීඩාශීලිත්වය සහ සහයෝගීතාවයේ උදාරත්වය මෙයින් මනාව පිළිබිඹු වේ. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟ නොවැම්බර් 14 සහ 16 යන දිනවල රාවල්පින්ඩිහිදී පැවැත්වෙනු ඇත,” යනුවෙන් PCB සභාපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.






















