ලංකා සතොස හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ලංකා සතොස ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පෙබරවාරි 12 වන බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගනු ලැබීය. කැබිනට් අනුමැතියකින් තොරව සහ සතොස ආයතනික රෙගුලාසි උල්ලංඝනය කරමින්, ලූනු කිලෝග්‍රෑම් 54,860ක ප්‍රමාණයක් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට කිලෝව රුපියල් 135 බැගින් අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත. පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට වාසි සැලසීමේ අරමුණින් සිදු කළ මෙම ගනුදෙනුව හේතුවෙන් සතොස ආයතනයට රුපියල් 17,006,600ක පාඩුවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ. අදාළ නිලධාරියා සහ ව්‍යාපාරිකයන් දෙදෙනා කුමන්ත්‍රණය කිරීම සහ සහාය දැක්වීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,012

Leave A Reply

Your email address will not be published. Required fields are marked *