​ලංකාවටම ආවේණික අලුත් මකුළු විශේෂ 6ක් සොයාගැනේ: පර්යේෂකයන්ගෙන් සුවිශේෂී අනාවරණයක්!

​ශ්‍රී ලංකාවේ මෙතෙක් ගවේෂණයට ලක් නොවූ වනාන්තර ආශ්‍රිතව වසර කිහිපයක් පුරා සිදුකළ අධ්‍යයනයකින් පසු, මෙරටටම ආවේණික වූ නව මකුළු විශේෂ හයක් සොයා ගැනීමට ශ්‍රී ලංකික පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ. ප්‍රකට මකුළු විද්‍යාඥයන් වන නරුවන් දයානන්ද සහ සුරේෂ් පී. බෙන්ජමින් විසින් සිදුකළ මෙම සොයාගැනීම, Utivarachna ගණයට අයත් මකුළුවන්ගේ ව්‍යාප්තිය සහ ප්‍රජනක රූප විද්‍යාව පදනම් කරගනිමින් ලේඛනගත කර ඇත. ඒ අනුව U. boo, U. haputale, U. loolecondera, U. mandaram, U. peekaboo සහ U. upcotensis ලෙස මෙම නව විශේෂ නම් කර තිබේ.​ලොව පුරා Trachelidae මකුළු කුලයට අයත් විශේෂ 300ක් පමණ වාර්තා වී තිබුණද, මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබුණේ විශේෂ 4ක් වැනි සුළු සංඛ්‍යාවක් පමණි. ගිනිකොනදිග ආසියාව පුරා විවිධත්වයකින් යුත් Utivarachna ගණයට අයත් මකුළුවන්ගෙන් මීට පෙර මෙරටින් හමු වී තිබුණේ එක් විශේෂයක් පමණක් වීම විශේෂත්වයකි. මෙම නව සොයාගැනීම දකුණු ආසියානු කලාපයේ මකුළු විවිධත්වය පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධති තුළ සැඟව පවතින අතිමහත් ජෛව විවිධත්වය ලෝකයට විදහා දැක්වීමට ද මහෝපකාරී වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

What's your reaction?

Related Posts

1 of 918

Leave A Reply

Your email address will not be published. Required fields are marked *