ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) ඉතිහාසයේ ප්‍රථම වතාවට පත් කළ කාන්තා කොන්දොස්තරවරියන් කණ්ඩායම අද (පෙබරවාරි 10) නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කළහ. මෙම ඓතිහාසික පියවර සනිටුහන් කරමින් ඔවුන් සිය සේවය ආරම්භ කළේ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙනි (MMC). රාජ්‍ය බස් රථ සේවයට කාන්තා සහභාගීත්වය පුළුල් කිරීමේ අරමුණින් කාන්තාවන් 19 දෙනෙකු මෙලෙස කොන්දොස්තර තනතුරු සඳහා මෑතකදී පත් කරන ලදී.රජය සඳහන් කරන පරිදි, මෙම පත්වීම් හරහා පොදු ප්‍රවාහන ක්ෂේත්රය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානත්වය තහවුරු කිරීමටත්, මගීන්ට වඩාත් ආරක්ෂිත ප්‍රවාහන සේවාවක්, විශේෂයෙන්ම කාන්තාවන් සඳහා සුරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වේ. මෙය මෙරට පොදු ප්‍රවාහන සේවයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.


























