ලංගම සේවක ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ අද සිට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දිගුකාලීනව ප්‍රමුඛතාවයක්ව පැවති සේවක ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. 2018 වසරේ සිට වසර අටක් තිස්සේ මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංගම සේවකයින් මෙන්ම පොදු ජනතාවද දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන විධායක නිලධාරියාගේ (CEO) සිට සියලුම සේවකයින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට තීරණය කර ඇති අතර, තමා මුලින් ඊට අකමැති වුවද අදාළ නිලධාරියා සිය දක්ෂතාවය සහ සුදුසුකම් ඔප්පු කිරීම සඳහා ස්වේච්ඡාවෙන්ම ඊට ඉදිරිපත් වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.​මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම හරහා දැනට පවතින රියදුරු, කොන්දොස්තර සහ තාක්ෂණික සේවක හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට දිවයින පුරා පවතින ඩිපෝ 107 තුළ රියදුරු සහ කොන්දොස්තර හිඟය හේතුවෙන් දිනකට බස් රථ 350ත් 400ත් අතර ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත්, එමගින් විශාල පීඩනයක් එල්ල වන බවත් අමාත්‍යවරයා පවසයි. ලංගමයේ දැනට සේවකයින් 18,000ක් පමණ සිටියද සැබෑ අවශ්‍යතාවය පවතින්නේ 14,000කට පමණි. රියදුරන් හෝ කොන්දොස්තරවරුන් ලෙස සේවයට එක්වන පිරිස වෙනත් කාර්යාලීය තනතුරුවල සේවය කිරීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වී ඇති බැවින්, නව වැඩපිළිවෙළ හරහා ඔවුන් නිසි සේවය සඳහා යොමු කර ජනතාවට කඩිනම් සහනයක් සැලසීම රජයේ අරමුණයි.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *