ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට් නිවේදනය පමාවෙයි: සේවකයෝ ඇමතිට ලිපියක් යොමු කරයි!

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ විශ්‍රාම යෝජනා ක්‍රමය තෝරාගත් සේවකයින් පිරිසක් තමන් මුහුණ දී සිටින දැඩි අවිනිශ්චිතතාව පිළිබඳව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබේ. අදාළ පත් කළ දිනය (Appointed Date) තහවුරු කර තිබියදීත්, ඒ සම්බන්ධ නිල ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් සිය ඉදිරි වෘත්තීය සහ පෞද්ගලික ජීවිතය සැලසුම් කර ගැනීමට නොහැකි වී ඇති බව එම සේවකයෝ පෙන්වා දෙති.​අලුතින් පිහිටුවන අනුප්‍රාප්තික ආයතන වෙත අනුයුක්ත වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට සේවකයින්ට මාස දෙකක නීත්‍යානුකූල කාලයක් ලබා දී තිබුණි. එම කාලය තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ සේවකයින් පවසන්නේ, ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලය විසින් දින වකවානු තහවුරු කර තිබියදීත් ගැසට් නිවේදනය නිකුත් නොකිරීම හරහා තම අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි. මෙවැනි තීරණාත්මක ප්‍රතිසංස්කරණයකදී පවතින පරිපාලනමය ප්‍රමාදයන් හේතුවෙන් සේවකයින් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවද එම ලිපියේ සඳහන් වේ.​පවතින ගැටලුවට කඩිනම් විසඳුම් ඉල්ලා සිටින සේවක පිරිස, ලබන පෙබරවාරි 01 වැනි දින හෝ ඊට පෙර බලපැවැත්වෙන පරිදි අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරති. එසේම, විශ්‍රාම ගැනීමට කැමැත්ත පළ කළ සේවකයින්ට කඩිනමින් සේවයෙන් නිදහස් වීමට අවසර ලබා දෙන ලෙසත්, මෙම අර්බුදය නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසත් ඔවුන් සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 936

Leave A Reply

Your email address will not be published. Required fields are marked *