ලාෆ්ස් ගෑස් යළි වෙළඳපොළට: හිඟය පියවීමට රජයෙන් කඩිනම් පියවර!

පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා ඇති වූ ගෑස් හිඟය මඟහරවා ගැනීම සඳහා ලාෆ්ස් ගෑස් (Laugfs Gas) සමාගම ඇණවුම් කළ නව ගෑස් තොගය කොළඹ වරායට ළඟා වූ වහාම බෙදාහැරීම් කටයුතු යළි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම සමාගම පවසයි. මෙම සැපයුම් අඩාල වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ පසුගිය සති දෙකක කාලය තුළ ලාෆ්ස් සමාගම බෙදාහැරීම් නතර කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් විශාල වශයෙන් ලිට්රෝ ගෑස් (Litro Gas) වෙත යොමු වීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.​පවතින හිඟයට පිළියමක් ලෙස අද, හෙට සහ සෙනසුරාදා යන දිනවලදී ගෑස් මෙට්‍රික් ටොන් 1,500 බැගින් වෙළඳපොළට මුදා හරින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එමෙන්ම, ලාෆ්ස් ගෑස් සමාගමට සිය බෙදාහැරීමේ ගැටලු වහාම විසඳන ලෙස උපදෙස් දී ඇති අතර, ඔවුන්ගේ මීළඟ ගෑස් නෞකාව පෙබරවාරි 25 වන දින දිවයිනට ළඟා වීමට නියමිත බව ද රජය තහවුරු කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,035

Leave A Reply

Your email address will not be published. Required fields are marked *