ලාෆ්ස් ගෑස් හිඟයට විසඳුම්: නවතම ගෑස් නෞකාව අද දිවයිනට!

පාරිභෝගික ජනතාව දිගු කලක් අපේක්ෂාවෙන් සිටි ලාෆ්ස් ගෑස් (Laugfs Gas) තොග රැගත් නෞකාවක් අද (28) දිනයේ මෙරටට ළඟා වූ බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර සිටියි. මෙම නවතම ගෑස් තොගය ගොඩබෑමෙන් අනතුරුව ඉතා කඩිනමින් වෙළෙඳපොළ වෙත බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.​මේ අනුව, අද සිටම දිවයින පුරා විසිරී සිටින ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිතයන් හරහා ගෘහස්ථ ගෑස් සිලින්ඩර සාමාන්‍ය පරිදි මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ. පසුගිය කාලසීමාවේ වෙළෙඳපොළේ පැවති ගෑස් හිඟය මින් මගහැරෙනු ඇති අතර, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා උපරිම ධාරිතාවයෙන් සැපයුම් ජාලය ක්‍රියාත්මක කරන බව ලාෆ්ස් සමාගම සහතික වෙයි.

What's your reaction?

Related Posts

1 of 1,030

Leave A Reply

Your email address will not be published. Required fields are marked *