ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

​ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ලාභී පිරිපහදු වායු (LP Gas) මිල ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,990 කි. මීට අමතරව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 120 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,602 ක් ලෙස සටහන් වේ. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 750 ක් බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,044

Leave A Reply

Your email address will not be published. Required fields are marked *