ලොව පළමු මානවරූපී රොබෝවරුන්ගේ අර්ධ මැරතන් ධාවන තරගය අද (19) චීනයේ බීජිං නුවරදී පැවැත්විණි.
මිනිස් ධාවකයින් සමග එක්ව මෙම තරගයට රොබෝවරු 21ක් තරග වැදුණහ.
විදෙස් වාර්තාවලට අනුව, මෙම අර්ධ මැරතන් තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව ඇතුළු ඔවුන්ගේ පුළුල් හැකියාවන් පරීක්ෂා කිරීමේ පරීක්ෂණයක් ලෙස සිදු විය.