ලෝක බෞද්ධ සාම සමුළුව හයිද්‍රාබාද්හිදී උත්කර්ෂවත් අයුරින් ඇරඹේ

2026 වසර සඳහා වන ලෝක බෞද්ධ සාම සම්මේලනය ඉන්දියාවේ තෙලඟනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් අගනුවරදී ඊයේ (27) ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. සුප්‍රසිද්ධ ‘බුද්ධවනම්’ ව්‍යාපෘතිය හා සමගාමීව සංවිධානය වූ මෙම සම්මේලනය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීම විශේෂත්වයකි.​මෙම ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී විය. ඉන්දීය රජය නියෝජනය කරමින් තෙලඟනා ප්‍රාන්තයේ සංචාරක, සංස්කෘතික හා පුරාවිද්‍යා අමාත්‍ය ජුපල්ලි ක්‍රිෂ්ණා රාඕ මහතා ඇතුළු විද්වතුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.​වියට්නාමයේ ලෝ ප්‍රකට විද්වත් භික්ෂුවක වන අතිපූජ්‍ය තිච් නාත් තු හිමිපාණන් වහන්සේ සමුළුවේ ලේකම් ධුරය හෙබවූ අතර, මෙහි ප්‍රධාන සංවිධාන කටයුතු මෙහෙයවනු ලැබුවේ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ගගන් මලික් මහතා විසිනි. ලොව පුරා විසිරුණු රටවල් 23 ක් නියෝජනය කරමින් පැමිණි පර්යේෂකයන් සිය ශාස්ත්‍රීය පත්‍රිකා මෙහිදී ඉදිරිපත් කරමින් බෞද්ධ දර්ශනය හා ලෝක සාමය පිළිබඳ අදහස් හුවමාරු කර ගත්හ.​ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරයා සමඟ පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමියන් ද, සිද්ධි විනායක් සිනේ ආර්ට්ස් පදනමේ සභාපති කෞෂල්‍යා වික්‍රමසිංහ මෙනෙවිය ද මෙම ගමනට එක්ව සිටියහ. බෞද්ධ උරුමය හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් වූ වැදගත් පියවරක් ලෙස මෙම සමුළුව හඳුන්වා දිය හැකිය.

What's your reaction?

Related Posts

1 of 668

Leave A Reply

Your email address will not be published. Required fields are marked *